27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකටුගස්තොට ගිනිගැනීමට හේතුව පෙම් පලහිලවුවක්ද?

කටුගස්තොට ගිනිගැනීමට හේතුව පෙම් පලහිලවුවක්ද?

කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එකම පවුලේ පියා, දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු මිය ගිය හේතුව මේ වන විට අනාවරණය වී තිබේ.

පිළිස්සුම් තුවාල ලැබ මියගිය තරුණියගේ පෙම්වතා නිවසට පැමිණ තම සිරුරට පෙට්‍රල් වත් කරගෙන ගිනි තබාගෙන මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට ලද තොරතුරු ඔස්සේ කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සිද්ධිය ඊයේ (24) පෙරවරු 7.00 ට පමණ සිදුව තිබෙන අතර එම පුද්ගලයන් තිදෙනාම නිවාස තුළම මිය ගොස් ඇති අතර ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලද 60 හැවිරිදි කාන්තාව ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තහඩුවලින් ආවරණය කළ ඉතා කුඩා නිවසක මෙම පිරිස ජීවත්ව සිට ඇත. ගින්න පැතිර යනු දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී නිවසේ දොරක් විවෘත කර රාණිඅම්මා නැමැති මව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.