25 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක

විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක

මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා (27) පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වුණා.

එහිදී ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණා.

පාර්ලිමේන්තුවේ ව්‍යුහය සහ කාර්යභාරය, නීති සම්පාදනය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු විවාද කිරීමේ ක්‍රමවේද සහ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු මහ ජනතාව වෙත ගෙන යාම ආදිය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම දකුණු ආසියානු සන්දර්භය තුළ රටවල් අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා ක්‍රියාත්මක වන ආකාරය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සහ අනෙකුත් ජාත්‍යන්තර එකඟතා සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධානය යොමු කරන ආකාරය පිළිබඳවද මෙහිදී විදෙස් ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරිණි.

මෙම චාරිකාව සඳහා කුවේට් රාජ්‍යය, ඊජිප්තුව, ඇල්ජීරියාව, මොරොක්කෝ රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් සහභාගී විය.