23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරිවලට

පොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරිවලට

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (29) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්වති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසුවේ මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ජංගම රථ 3200 ක් සඳහා මෙම පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව දිවයින පුරා ස්ථාපිත 13,000 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45 කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ජංගම රථවල රාජකාරී කරයුතු සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවනු ඇති.