― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරිවලට

පොලිසියේ 54,000ක් මැතිවරණ රාජකාරිවලට

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (29) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්වති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසුවේ මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ජංගම රථ 3200 ක් සඳහා මෙම පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව දිවයින පුරා ස්ථාපිත 13,000 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45 කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ජංගම රථවල රාජකාරී කරයුතු සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවනු ඇති.