― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකල්පිටියේදී කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අල්ලයි

කල්පිටියේදී කේරළ ගංජා සමඟ සැකකරුවෙක් අල්ලයි

කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ සැකකරුවෙක් කල්පිටිය ප්‍රදේශයේදී ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි වියේ පසු වූ කල්පිටිය, සින්නකොඩිරුප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව කල්පිටිය, කුරිඤ්ඤපිඩ්ඩි සහ සින්නකොඩිරුප්පුව ප්‍රදේශයන්හි සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ සැකකරුවෙක් හා කැබ් රථයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ හතරක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු, කේරළ ගංජා තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.