28.9 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩසටහනක්

ඩෙංගු ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩසටහනක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ඊයේ (02) සිට දින තුනක් පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලයි මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය, යුද හමුදාව, පරිසර පොලිස් කොට්ඨාසය සහ සෞඛ්‍ය කණ්ඩායම් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.