― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපරාධයකට සැරසුණු අයෙක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

අපරාධයකට සැරසුණු අයෙක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ අවියක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (03) දංකොටුව පොලිස් වසමේ සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී කිසියම් අපරාධයකට සැරසෙමින්, බ්‍රසීලයේ නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු දංකොටුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.