― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපියාගේ ටැටූ එක කොටන්න ආ තරුණයා සමඟ දැරිය පැන ගිහින්

පියාගේ ටැටූ එක කොටන්න ආ තරුණයා සමඟ දැරිය පැන ගිහින්

14 හැවිරිදි වියේ පසු වූ බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කර ටැටූ ශිල්පියා අද (05) පස්වරුවේ බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි තරුණයෙක් බවයි බේරුවල පොලිසිය පැවසුවේ.

මොහු මීට සති දෙකකට පමණ ඉහතදී බේරුවල, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේ පදිංචි නිවෙස් හිමියාගේ 14 හැවිරිදි දියණිය සමඟ හාදකමක් ආරම්භ කොට, එම දියණිය මොරටුව ප්‍රදේශයට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කර තිබෙනවා.

මෙම නිවසේ පදිංචි පුද්ගලයා ඔහුගේ මිත්‍රයකු මාර්ගයෙන් මෙම ටැටූ ශිල්පියා හඳුනාගෙන ඇති අතර ඔහු එම ටැටූ ශිල්පියාට දුරකථන ඇමතුමක් දී ඔහුට ටැටූ නිර්මාණයක් සිදු කර ගැනීමට අවශ්‍ය බව පවසා ඔහුගේ බේරුවල, බණ්ඩාරවත්ත නිවසට පැමිණෙන ලෙස එම තරුණයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම දුරකථන ඇමතුමට අනුව ටැටූ ශිල්පියා ඔහුගේ මස්සිනාද සමඟ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇති අතර මෙම ටැටූ නිර්මාණය රාත්‍රී පහන් වන තුරුම සිදුකිරීම නිසා එම නිවෙස් හිමියා මෙම පුද්ගලයින් දෙදෙනාට නිවසේ රාත්‍රියේ පහන් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එහිදීයි මෙම නිවෙස් හිමියාගේ දියණිය සමඟ මොහු පෙම් සබඳතාවක් ආරම්භ කර ඇත්තේ.

ඉන්පසු මෙම ටැටූ ශිල්පියා මෙම බාලවයස්කාර දැරිය මොරටුවේ පිහිටි තමාගේ නිවසට ගෙන්වා ගෙන තිබෙනවා.

තම දියණිය අතුරුදහන් බවට එම නිවෙස් හිමියන් විසින් බේරුවල පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දියණිය ටැටූ ශිල්පියා සමඟ මොරටුව ප්‍රදේශයේ නිවසක සිටින බවයි.

ඒ අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව එම සැකකරුට පොලිසිය වෙත පැමිණෙන ලෙස බේරුවල පොලිසිය වරින් වර නිවසට ගොස් පවසා තිබුණද ඔවුන් පොලිසියට පැමිණ තිබුණේ නැහැ.

ඉන්පසුව පොලිසියේ මැදිහත්වීම මත එම 14 හැවිරිදි දියණිය ඔහු විසින්ම එම දියණියගේ මිත්තණියක් මාර්ගයෙන් නැවත බේරුවල නිවසට ඇරලවා තිබෙනවා.

දියණිය නිවසට පැමිණීමෙන් පසු බේරුවල පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂන්යක් සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විධ්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙම දැරිය දූෂණයට ලක්ව ඇති බවයි.

ඉන්පසු අද බේරුවල පොලිසියේ විසින් සිදුකළ මෙහෙයුමකදී මොරටුව ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හෙට (06) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.