― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅතුරුදන් වූ සිසුන් සිවුදෙනා රාගමින් හමුවෙයි

අතුරුදන් වූ සිසුන් සිවුදෙනා රාගමින් හමුවෙයි

පසුගියදා නෝර්වුඩ් ප්‍රදේශයේදී අතුරුදන් වී සිටි 15 හැවිරිදි පාසල් සිසුන් සිවුදෙනා රාගම ප්‍රදේශයේ සිටියදී හමු වී තිබෙනවා.

කෙසේවෙතත් රාගම පොලීසිය විසින් මොවුන් සිවුදෙනා පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ දෙමාපියන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

නෝර්වුඩ් සෙන් ජෝන් ටිලරි වතුයායේ පදිංචි මොවුන් සිවුදෙනා ඉකුත් 04 වැනිදා සිට අතුරුදන් වී ඇති බවට එලෙස අතුරුදන් වූ සිසුවෙකුගේ පියෙක් නෝර්වුඩ් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

එකම වතුයායේ පදිංචි අතුරුදන්ව සිටි මොවුන් සිවුදෙනා රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් රාගම ප්‍රදේශයේ ඥාතියෙකු හමුවීමට දුම්රියෙන් පැමිණ ඇති බවයි වාර්තා වී ඇත්තේ.

එම සිසුන් සිවුදෙනා රාගම ප්‍රදේශයේ සිටින බවට රාගම පොලිසියට ලද තොරතුරක් මත සිසුන් සිවුදෙනා රාගම පොලිසිය භාරයට ගෙන දෙමාපියන් වෙත භාරදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.