― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතම දියණිය අඹුකමට ගත් පියා අත්අඩංගුවට

තම දියණිය අඹුකමට ගත් පියා අත්අඩංගුවට

13 හැවිරිදි වියේ පසුවන තම දියණියව දූෂණය කළ පියෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි අවු 13 හැවිරිදි පාසල් වියේ පසුවන තම දියණිය දූෂණයට ලක් කළ 44 හැවිරිදි පියෙක් අද (06) සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මෙම දැරියගේ මව කොළඹ ප්‍රදේශයේ නිවසක සේවයේ නිරත වන අතර ඇය නිවාඩුවට නිවසට පැමිණි අවස්ථාවේදී දැරිය විසින් මේ පිළිබඳව මවට පවසා තිබෙනවා.

ඒ අනුව මව විසින් බගවන්තලාව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.