කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ජග්මීට් සිං එරට හින්දු ජාතිකයන්ට එල්ලවන ප්‍රහාර සම්බන්ධව මුනිවත රැකීමට එරෙහිව එරට ඉන්දීය ජාතිකයන් විරෝධතාවක නිරතවී ඇත. කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස වසර 2017 සිට කටයුතු කරන ජග්මිට් සිංට එරෙහිව මේ විරෝධතාව පැවැත්වූයේ එරට මහමැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි. කැනඩාවේ මහමැතිවරණය මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
කැනඩාවේ හින්දු ජාතිකයන්ට එරෙහිව විවිධ ප්‍රහාර එල්ලවන බවත්, ජග්මිට් සිං ඒ පිළිබඳ කිසිදු පියවරක් නොගන්නා බවත් කියමින් එරට පදිංචිව සිටින ඉන්දීය ජාතිකයන් උද්ඝෝෂණය කර ඇත්තේ ඔහුගේ නායකත්වය යටතේ ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව ප්‍රකාශ කරමිනි.
මෑත කාලයේදී කැනඩාවේ හින්දු ජාතිකයන්ගේ උද්ඝෝෂණ රැසක්ම පැවති අතර, එරට හින්දු ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස කැනඩාවේ රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ


