― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැඩ තහනම් වූ දිසා විනිසුරුගේ සාක්ෂි විභාගය කල් තැබේ

වැඩ තහනම් වූ දිසා විනිසුරුගේ සාක්ෂි විභාගය කල් තැබේ

දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ වසරක කාලයක් තුළදී වත්කම් හා දේපළවලින් උපයා ගත නොහැකි රුපියල් ලක්ෂ 25ක මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමේ, චෝදනා යටතේ හිටපු දිසා විනිසුරු රංජන් සෝමසිංහට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් පවරන ලද නඩුවේ විත්තියේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට (11) දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කර තිබෙනවා.

මොරටුව, රාවතාවත්ත පාරේ 102/2, පදිංචි හිටපු දිසා විනිසුරුවරයා 2008.10.01 දින සිට 2008.12.31 දක්වා කාලය තුළ රුපියල් 2,412,965 ක මුදලක් උපයා ගැනීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ ගැනෙන දුෂණය නැමැති වරද සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ 2017 වසරේදී නඩු පවරනු ලැබුවා.

විනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් සලකා බැලූ අධිකරණ සේවා කොමිෂන් සභාව 2016 දී විනිසුරුවරයාගේ සේවය ද අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවා.