― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsෂාෆ්ටර්ගේ බිරිඳගේ ඉල්ලීමට CID යෙන් පිළිතුරු

ෂාෆ්ටර්ගේ බිරිඳගේ ඉල්ලීමට CID යෙන් පිළිතුරු

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකයට නව සිම්පතක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්නැයි ඔහුගේ බිරිඳ කළ ඉල්ලීම සලකා බැලීම සඳහා දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කළ ජංගම දුරකථනයට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර වසරක් ගතවුවත්, මේ වන තුරු නීතිපතිවරයාගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලට අද (11) දන්වා සිටියා.

තම සැමියාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අදාළව එම අංකය ඇතුළත් සිම්පත අත්‍යවශ්‍යව ඇති බැවින් එය තමාට ලබාදීමට නියෝගයක් ලබා දෙන ලෙසට ෂාෆ්ටර්ගේ බිරිඳ සිය නීතිඥවරුන් මඟින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නීතිපතිවරයාගෙන් ඒ සඳහා උපදෙස් සඳහා නඩු ගොනුව යොමු කර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණයට පවසා සිටියේ, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන මෙහෙයවන බවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාදීම තුළින් එම විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බවත්ය.

බොරැල්ල පොදු සුසාන භූමිය අසළදී සිදුවූ අභිරහස් සිද්ධියක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 වැනිදා ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන් බොරැල්ල පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මරණය පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක්ද පත් කරනු ලැබුවා.

ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට සැක කළ හැකි බව එම විද්වත් වෛද්‍ය කමිටුව පසුගියදා අධිකරණයට සිය වාර්තාව මගින් දැන්වීම හේතුවෙන් මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

අධිකරණයේ නියෝග අනුව නැවත ගොඩගෙන කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබූ ෂාෆ්ටර්ගේ දේහය ඉකුත් නොවැම්බර් මස 4 වැනිදා ජාවත්ත පොදු සුසාන භූමියේදී නැවත මිහිදන් කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නැවත වරක් රජයේ රස පරික්ෂකවරයාට සහ නීතිපතිවරයාට සිහිකැඳවීම් ලිපි යවන ලෙස නියෝග කළා.