― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

වසරේ මේ දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින් ලක්ෂ 14කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 8 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 218,350 කි.

එමෙන්ම ජනවාරි සහ මාර්තු මාසවල සංචාරකයන් දෙලක්ෂයකට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන්දියාව, බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.