28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅමෙරිකාවේ තානාපති වෙන්න මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් අස් වෙයි

අමෙරිකාවේ තානාපති වෙන්න මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් අස් වෙයි

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඉදිරියේදී රාජකාරී ආරම්භ කිරීමට අදහස් කරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද සමරසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට නියමිතය.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයට තරග වැද මනාප 46361ක් ලබා ගනිමින් ඡන්ද ලේඛනයේ ඊළඟට වැඩිම මනාප ලබා සිටින හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා පත් කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

බුලත්සිංහල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බුලත්සිංහල ආසනයේ ප්‍රධාන සංවිධායක වරයාලෙස කටයුතු කරන ලලිත් වර්ණ කුමාර මහතා දිගු කලක් බස්නාහිර පළාත්සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර තිබේ.

පී. සෝමරත්න – මීගහතැන්න සමූහ