― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඉන්ධන පෝලිමේදී තවත් අයෙක් මියයයි

ඉන්ධන පෝලිමේදී තවත් අයෙක් මියයයි

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි 85 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පෙරේදා (26) මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේදී මියගොස් ඇති අතර ඔහු අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාරේ පදිංචි එම්. ජිනදාස පෙරේරා නමැති පුද්ගලයකි.

වෑන් රථයකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි අදාළ පුද්ගලයා ඉන්ධන පෝලිමේ තෙවැනියට සිටියදී රෝගාතුර වී අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා හෘද රෝගයකින් පෙළෙන්නෙකු බවත් සිද්ධිය වන අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේහි කිසිඳු තදබදයක් තිබී නොමැති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.