මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් විසඳීමේ ඒකකය මගින් විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත ජාතික මැතිවරණ ආරවුල් විසඳීමේ ඒකකයට අදාළ සිද්ධීන් වාර්තා කරන ලෙසයි මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එළැඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමටත්, ඡන්ද විමසීමේදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ නීතිවිරෝධී ක්රියා වාර්තා කිරීමටත් මෙම දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.