― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල්ට සියලුම මහනායක හිමිවරුන්ගෙන් ආශිර්වාද

රනිල්ට සියලුම මහනායක හිමිවරුන්ගෙන් ආශිර්වාද

දිවයිනේ සියලු ප්‍රදේශවලින් වැඩම කළ මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කර තිබෙනවා.

අර්බුදයකින් ජාතියක් එතෙර කළ හැක්කේ අත්දැකීම් ඇති නායකයෙක්ට පමණක් බවත් රට අර්බුදයට පත් වූ අවස්ථාවේ නිර්භීතව රටේ වගකීම භාරගත් ජනපති ජනතාව පීඩාවෙන් මුදවා ගත් බවත් මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ පැවසූහ.

එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ පිළිබඳ මහා
සංඝරත්නය තුළත්, මහජනතාව තුළත් මනා පැහැදීමක් ඇති බව පෙන්වා දුන් මල්වතු අනුනායක හිමියන් පසුගිය දෙවසර තුළ රටේ ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපතිවරයා සිදු කළ කාර්යභාරය සහ රට ගොඩනගන එතුමාගේ ඉදිරි දැක්ම පිළිබඳ ගිහි පැවිදි සියලුදෙනා අවබෝධයෙන් යුතුව අවධානය යොමු කළ යුතු බවද පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කරමින් ජනාධිපති නිල නිවසේ පැවති සෙත් පිරිත් සජ්ජායනාව ආරම්භ කිරීමට මත්තෙන් විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.

ඓතිහසික මහනුවර දළදා මාළිගාව ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානවල සහ මරදාන විද්‍යෝදය පරිවෙන ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් සජ්ජයනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා
වෙත ආශිර්වාද පළ කළහ.