27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර විෂ වී ඇඟලුම් සේවකයින් 500ක් රෝහලේ

ආහාර විෂ වී ඇඟලුම් සේවකයින් 500ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 500 ඩෙනෙක් හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.

එම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු පිරිසක් ඊයේ (18) පැවති උපන්දින සාදයකදී ලබාගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් ඔවුන්ට බඩේ අජීරණය සහ බඩේ කැක්කුම වැනි රෝග ලක්ෂණ මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ සවස් වනවිට මෙම රෝගී තත්ත්වය කිහිපදෙනෙකුට හටගෙන ඇති අතර අද (19) ඔවුන් සේවය සඳහා ඇඟලුම් කර්මාන්තශාලාවට පැමිණෙමින් සිටින අතරතුරදී රෝගී තත්වය උත්සන්න වීමත් සමඟ ඔවුන් රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔවුන් බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.