― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටම බලා සිටින 2024 ජනාධිපතිවරණය හෙටයි

රටම බලා සිටින 2024 ජනාධිපතිවරණය හෙටයි

2024 ජනාධිපතිවරණය හෙට (21) පැවැත්වෙනවා.

මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන මෙම ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම්ව පවතිනවා.

පසුගිය 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයට ප්‍රචාරණ කටයුතු සිදු කිරීම තහනම් කෙරුණු අතර ඊයේ සහ අද යන දෙදින මැතිවරණ නිහඬ කාලයක් ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේ.