― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබඹර ප්‍රහාරයකින් එක්දරු පියා ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකින් එක්දරු පියා ජීවිතක්ෂයට

තලවකැලේ – මඩකුඹුර ප්‍රදේශයේදී දර කැපීම සඳහා ගසකට නැගි පුද්ගලයෙක් බඹර ප්‍රහාරයකින් බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම වතුයායේම පදිංචි එන්. කනකේෂ්වරන් නම් 31 හැවිරිදි එක්දරු පියෙකි.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග අඩි 100 ක් පමණ උසැති ගසකට නැග, දර සඳහා අතු කපමින් සිටියදී ගසේ බැඳ තිබු බඹර කුඩුවක් ඇවිස්සි අතු කපමින් සිටි පුද්ගලයාට සහ ගස පාමුල සිටි පුද්ගලයාට පහර දී තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ බඹරුන් පහරදෙන අවස්ථාවේ ගස මත සිටි පුද්ගලයා බියට පත් වී ගසෙන් පහළට ඇද වැටෙන්නට ඇති බවයි.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ගසෙන් වැටී ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔහු මේ සිදුවීමට මුහුණ දුන්නේ දර එකතු කිරීමට ගසකට නැග සිටියදීය.

මෙයින් පසු ඔහු ගසෙන් වැටී මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මියගොස් ඇත්තේ මඩකුම්පුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

එමෙන්ම තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ලින්තුලි රෝහල් ගත කර තිබෙනවා.