මේ වසරේ පැවැත්වීමට නියමිත අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
කොදෙව්හිදී නිමා වූ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ඉසුරු දැක්වූ දස්කම් ද මීට හේතු වී ඇති අතර, එම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගත් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළේය.
මෙවර තරග වාරය සඳහා ඉසුරු සමඟින් රඳවා ගන්නා ක්‍රීඩකයන් කිහිප දෙනකුම බංග්ලා කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කිරීමට පසුගියදා කටයුතු කළේය.
ඒ අනුව කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (Icon Player) සහ නායකයා ලෙස පත් කර තිබේ.
ඊට අමතරව ජොන්සන් චාල්ස්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, චිරාග් සූරි සහ කයිස් අහමඩ් ද බංගලා කණ්ඩායම තෝරා ගෙන ඇත.
අවසන් වරට පැවැති තරගාවලිය සඳහා ඉසුරු උදාන බංග්ලා කණ්ඩායමට තෝරා ගෙන තිබුණ ද ක්‍රිකට් ආයතනයෙන් අවසර ගැනීමේ ගැටලු (NOC) හේතුවෙන් ඔහුට එවර තරගාවලියට එක් වීමට නොහැකි විය. එම තරග වාරයේදී තිළිණ කණ්ඩම්බි බංග්ලා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මතීෂ පතිරණ ද ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට එක්ව සිටියේය. එවර බංග්ලා කණ්ඩායමට හිමා වූයේ තරගාවලියේ 5 වැනි ස්ථානයයි. මෙවර තරගාවලියේදී කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියා ජාතික සටුවර්ට් ලෝ කටයුතු කරයි.
මේ තරගාවලියේ පස්වැනි අදියර ලබන නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.
නිරෝෂාන් ප්‍රියංකර