― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබූස්සේ ජේලර්ගේ තොප්පිය අස්සේ චාජරයක් සහ ඩේටා කේබලයක් (ඡායාරූප)

බූස්සේ ජේලර්ගේ තොප්පිය අස්සේ චාජරයක් සහ ඩේටා කේබලයක් (ඡායාරූප)

ල ඇඳුමේ සඟවා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළට දුරකථන චාජරයක් සහ ඩේටා කේබලයක් රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි ස්ථානයේ දී මෙම නියාමකවරයා ඊයේ (07) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම බන්ධනාගාර නියාමකවරයාගේ රාජකාරී හිස් වැස්ම පරීක්ෂා කිරීමේ දී මෙම චාජරය සහ ඩේටා කේබල සිය ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිව තිබෙනවා.

එහිදී අත්අඩංගුවට නියාමකවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.