22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනය පුපුරුවා හැරිය හැකි ඩ්‍රෝන සොයයි

චීනය පුපුරුවා හැරිය හැකි ඩ්‍රෝන සොයයි

Aචීනය අවට ගැවසෙන කුඩා මාදිලියේ හඳුනා ගැනීමට අසීරු ගුවන් යානා සහ වෙඩි තැබීමට අපහසු යාත්‍රා විනාශ කිරීම සඳහා ස්වයංක්‍රීයව පුපුරුවා හැරිය හැකි ඩ්‍රෝන මිලදී ගැනීමට එරට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

අමෙරිකා හමුදාව සහ සෙසු චීන විරුද්ධවාදීන් සඳහා භාවිත කිරීමට චීනය බලාපොරොත්තු වන බව කියන මේ වර්ගයේ ඩ්‍රෝන ඉදිරියේදී තාක්ෂණය අතින් වැඩි දියුණු වූ ආයුධයක් බවට පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

චීන හමුදා ටෙන්ඩර් වෙබ් අඩවියේ පළ කර ඇති දැන්වීමට අනුව පුපුරුවා හැරිය හැකි ඩ්‍රෝන වර්ග දෙකක් චීනයට අවශ්‍ය වී ඇති අතර, එම ඩ්‍රෝන වල තාක්ෂණික තොරතුරු සහ මිලදී ගැනීමට අපේක්ෂිත ඩ්‍රෝන ප්‍රමාණය ඒ අනුව වර්ගීකරණය කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සඳහන් කළේය.

මේ අතර චීන ඩ්‍රෝන නිෂ්පාදකයන් එරට මහජන විමුක්ති හමුදාවේ ඉල්ලීම පරිදි එවැනි වර්ගයේ ඩ්‍රෝන නිපදවීම ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.