― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalපේරාදෙණියේ නැවතූ ශල්‍යකර්ම යළි අරඹයි

පේරාදෙණියේ නැවතූ ශල්‍යකර්ම යළි අරඹයි

වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය අර්ජුන තිලකරන්ත ඊයේ (28) සඳහන් කළ නමුත් එම තීරණය අත්හිටුවීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසයි.

රෝහලේ සිදුකරන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය පොරොන්දු බව එම නිවේදනයේ දක්වේ.

එබැවින් දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව ඔහු තවදුරටත් සඳහන් කළේය.