31.7 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇමැති වගකීම හරියටම ඉටු කළා ක්‍රීඩකයන්ගේ යුතුකම දැන් ඉටු කරමු

ඇමැති වගකීම හරියටම ඉටු කළා ක්‍රීඩකයන්ගේ යුතුකම දැන් ඉටු කරමු

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

උසස් දක්ෂතා වැඩසටහන විශිෂ්ටතම වැඩක්:

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිර්මාණය වූ විශිෂ්ටතම ව්‍යාපෘතියක් බව ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් පවසයි. ක්‍රීඩා අමාත්‍යාංශය තම යුතුකම හා වගකීම නිවැරදිව ඉටුකොට තිබියදී දැන් ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් යුතුකම ඉටුකරමින් පදක්කම් දිනා ගැනීමට ස්ථීර අධිෂ්ඨානයෙන් කැපවීම බව හෙල්ල විසිකිරීමේ ශූරයා පෙන්වා දෙයි. ලෝක වාර්තා පිහිටුවන්න මේ වැඩ සටහනින් ලද පුහුණුවෙන් ලොකු දායකත්වයක් ලැබුණා

‘දිනමිණ’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් දිනේෂ් ප්‍රියන්ත පැවසුවේ ලබන වසරේ පැවැත්වෙන ආසියානු හා ලෝක ශූරතාවලි ඉලක්ක කොට එළඹෙන 1 දා සිට යළි පුහුණුවීම් ආරම්භ කරන බවයි.

“කොරෝනා ගැටලුව පමණයි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ආර්ථික ප්‍රශ්න ගොඩාක් දුරට විසදුනා. වෙනදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආර්ථික ප්‍රශ්න නිසා මානසිකව වැටිලා හිටියේ. ඒ නිසා හරිහැටි පුහුණුව ලබා ගන්න බැරි වුණ අයත් හිටියා. සපත්තුවක්, බෙහෙත් ටිකක්, ක්‍රීඩා උපකරණයක් මේ හැමදේම ගත්තේ තමන්ට ලැබෙන වැටුපෙන්. ගෙදර වැඩයි ක්‍රීඩා පුහුණුවයි දෙකම වැටුපෙන් කරන්න අමාරුයි. දැන් එහෙම නෑ. උසස් දක්ෂතා ක්‍රීඩා සංචිතයේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට මාසයකට රුපියල් ලක්ෂය බැගින් අමාත්‍යාංශයෙන් දෙනවා. පෝෂණ දීමනාවට තවත් රුපියල් 25000 බැගින් දෙනවා. පහුගිය මාස 7කට පෙර ආරම්භ වූ මේ වැඩ සටහන ඉතිහාසගත වැඩක්” දිනේෂ් ප්‍රියන්ත පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට ද මාසික ගෙවීම් සිදු කරනු ලබයි. මේ සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කගෙන් පැරා ක්‍රීඩා වලට අදාලව 14ක් පුහුණුවීම්වල නිරතව සිටිති. එම පැරා ක්‍රීඩකයන් අතර මලල ක්‍රීඩා සදහා 9ක්, ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් දෙදනකු, දුණු විදීම, රෝද පුටු ටෙනිස් හා ටේබල් ටෙනිස් ක්‍රිඩා උදෙසා එක් අයෙකු බැගින් සිටිති. මේ සියලු දෙනාගේම අපේක්ෂාව ඉදිරි අන්තර්ජාතික ක්‍රීඩා තරගවලදී උපරිම පදක්කම් ගණනක් ශ්‍රී ලංකාවට ලබාදීම බව දිනේෂ් ප්‍රියන්ත පැවසීය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසි කිරීමෙන් ලෝක වාර්තාවක් ද සමග දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කම දිනා ගනිද්දී සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේය. එය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත ක්‍රීඩා උලෙළකදී හිමි වූ ප්‍රථම රන් පදක්කම මෙන්ම මුල්ම ලෝක වාර්තාව ලෙස ද සටහන් විය. මෙය පැරා මලල ක්‍රීඩකයකුට තම ජීවිතයේ දිනා ගත හැකි උපරිම ජයග්‍රහණයක් වීම විශේෂත්වයකි. දිනේෂ් ප්‍රියන්තගේ හා සමිත දුලාන්ගේ පුහුණුකරු වූයේ ජාතික හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා වීම විශේෂත්වයකි.