රුසියාවේ විශ්වවිද්‍යාලයක ගොඩනැගිල්ලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. තවත් පුද්ගලයන් 6 දෙනකුට තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී එම ගොඩනැගිල්ලේ සිටි සිසුන් ජීවිත බේරා ගැනීමට කවුළුවලින් බිමට පනින අයුරු දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබිණි.
රුසියාවේ පර්ම් ස්ටේට් යුනිවර්සිටි කැම්පස් හි ඊයේ උදැසන සිදු වූ මේ විවෘත වෙඩි තැබීම සිදු කරනු ලැබූ සිසුවා හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.