― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalප්‍රේමයෙන් ඇවිළුණු ගින්නට මවත් මැදිවෙයි

ප්‍රේමයෙන් ඇවිළුණු ගින්නට මවත් මැදිවෙයි

කටුගස්තොට, මැණික්කුඹුරේ නිවසක් ගිනි ගැනීමෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි 66 හැවිරිදි මව මියගොස් තිබේ.

ඇය මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 24 වැනිදා උදෑසන නිවසට පැමිණි දියණියගේ පෙම්වතා විසින් නිවසේ සිටි 30 හැවිරිදි දියණියට ගිනි තබා ඔහුද සිය දිවි හානි කරගත් අතර එහිදී නිවසේ සිටි 71 හැවිරිදි ඊශ්වරි දේවන් (පියා), 30 හැවිරිදි චන්ද්‍රවදනි දියණිය සහ දියණියගේ පෙම්වතා බව කියන පුද්ගලයාද මිය ගියේය.

පොලිසිය පැවසුවේ, මියගිය 30 හැවිරිදි දියණියගේ පෙම්වතා විසින් එම ගිනිතැබීම කළ බවට පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි මව පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.