31.7 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාබුල් නුවරින් සිවිල් ගුවන් ගමන් ඇරඹේ

කාබුල් නුවරින් සිවිල් ගුවන් ගමන් ඇරඹේ

සිවිල් ගුවන් මගීන් සඳහා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අන්තර්ජාතික ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමත් සමඟ අමෙරිකා ජාතිකයන් ඇතුළුව ද්විත්ව පුරවැසිභාවය ලැබූ ඇෆ්ගනිස්තාන ජාතිකයන්ට රටින් පිටවීමට තලේබාන් සංවිධාන අවසර දී ඇත. ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු ඩෝහා කටාර් රාජ්‍යයට අයත් ගුවන්යානා පළමුවරට එහි පැමිණ තිබිණි.

පළමු අදියරේදී සිවිල් ගුවන් මගීන් 211 දෙනකුට රටින් පිටවීමට තලේබාන් සංවිධානය අවසර දී තිබූ අතර, අමෙරිකා ජාතිකයන් 30 දෙනකු ඒ අතර සිටි බව වාර්තා වේ. ද්විත්ව පුරවැසිභාවය ලැබූ ඇෆ්ගනිස්තාන ජාතිකයන් අතර කාන්තාවන් සහ දරුවන් විශාල සංඛ්‍යාවක් සිටි බව ‘වොෂින්ටන් පෝස්ට්‘ පුවත් සේවය වාර්තා කළේය. බ්‍රිතාන්‍යය, ඉතාලිය, නෙදර්ලන්තය, කැනඩාව, ජර්මනිය සහ යුක්රේන ගුවන්ගමන් බලපත්‍ර සහිත පිරිසක් ද ඒ අතර සිටි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

අමෙරිකා ජාතිකයන්ට සහ නීත්‍යනුකූලව එහි පදිංචිව සිටින පුද්ගලයන්ට නිරුපද්‍රිතව රටින් පිටවීමට අවශ්‍ය සියලු සහාය තලෙයිබාන් සංවිධානය සපයා තිබූ බවත්, ඔවුන් නම්‍යශීලී ආකාරයෙන් කටයුතු කළ බවත් ගුවන් තොටුපොළේ ආරංචි මාර්ග සඳහන් කර ඇති අතර, එය ඉතා සුබවාදී පළමු පියවර බව ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා එමිලි හෝන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.