සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් එරාවුර් සව්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
එලෙස සැමියාගේ පහරින් මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බවත් මොවුන් දෙදෙනා අතර කාලයක පටන් ආරවුල් පවතින බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ බවත් එරාවුර් පොලීසිය පවසයි.
ඒ අනුව ඊයේ (30) පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින පහර දී ඇති අතර සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බිරිඳ එරාවුර් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.