28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයහපාලන ආණ්ඩුව ඖෂධවලින් කෝටි 440ක ලාභයක් ඉපැයුවා

යහපාලන ආණ්ඩුව ඖෂධවලින් කෝටි 440ක ලාභයක් ඉපැයුවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

2015-2019 යහපාලන ආණ්ඩුවට ඖෂධවලින් රුපියල් කෝටි 440ක ලාභයක් ජනතාවට දීමට හැකි වූ බව කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

එම වකවානුවේදී ඖෂධ 48ක මිල පාලනය කිරීමට හැකි වූ බවත් වර්තමානය වන විට ඖෂධ සම්බන්ධයෙන් මිල පාලනයක් නොමැති බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. 2015-2019 වකවානුවේදී ඖෂධ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බවත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කළ චෝදනා පනදම් විරහිත බවත් සේනාරත්න මහතා පැවසීය.

රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවැති විවාදයට එක් වෙමිනි. වැඩි දුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. අප ඖෂධ මිලදී ගෙන ඇතැයි කියමින් රාජ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ සියලුම මිල ගණන් වැරදියි. වැරදි තොරතුරු රාජ්‍ය ඇමැතිවරයා ඊයේ ඉදිරිපත් කළා . මගේ කාලේ ඖෂධ මිල පාලනය කළා. නමුත් අද එවැනි ත්ත්ත්වයක් නැහැ. මම ඖෂධ 48ක මිල පාලනය කළා. බොරු තොරතුරු සමාජගත කරනවා. අද ඇත්තටම රෝහල්වල ඖෂධ නැහැ. අපේ කාලේ ඖෂධවලින් බිලියන 4.4ක් ( කෝටි 440 ක් ) ලාභයතක් ලැබුවා. සමාගම් කාරයන්ට පාඩු වුණා. අප පිළිකා රෝගීන්ට සිමාවකින් තොරව ඖෂධ දුන්නා. අපේ කාලේ ඖෂධ විශාල ප්‍රමාණයක මිල අඩු කළා.

ස්වර්ණා විජේකෝන්, පහන් විජේසේකර