29 C
Colombo
Sunday, September 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙම ප්‍රදේශවලට අද වැසි

මෙම ප්‍රදේශවලට අද වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ උතුරු, වයඹ, සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය වයඹ දෙසට ගමන් කරමින්, ඉදිරි දින දෙක තුළදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව ද සඳහන් වේ.

උතුරු, උතුරුමැද, මධ්‍යම, සබරගමුව, සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ දර්ශනයක් ජනතාවට දෙනු ලැබේ.