29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංගම පරණ බස් කෑලී යකඩවලට විකුණන්න සැරසෙයි

ලංගම පරණ බස් කෑලී යකඩවලට විකුණන්න සැරසෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉවත් කරන ලද බස් රථවල අමතර කොටස් සහ පරණ යකඩ අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

ලංගම බස් ඩිපෝ පරිශ්‍ර තුළ තැන් තැන්වල පරණ යකඩ ගොඩගසා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසනවා.

ඩිපෝවල පිරිසිදුකම පවත්වාගෙන යාමට මෙය විශාල බාධාවක් වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ක්‍රමානුකූල ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා එම සියලුම පරණ යකඩ අලෙවි කිරීමට තීරණය කර ඇති අතර, එලෙස අලෙවියෙන් ලැබෙන ආදායම ඩිපෝ නවීකරණය සඳහා යොදවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා