― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනෙවිල් සිල්වා යළි රිමාන්ඩ්

නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ලබන 30වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 09 වැනිදායි.

ඒ රුපියල් කෝටි 14ක් වටිනා මැණික් වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒක පාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධවයි.

2023 වසරේ අගෝස්තු 02 වනදා කුරුවිට මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඔහුට අයත් රුපියල් කෝටි 14ක් පමණ වටිනා දේපොළ බලහත්කාරයෙන් ලබා ගත් බවට පැමිණිල්ලක් කර තිබු බවත්, එම පැමිණිල්ලට අනුව සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැම්ණිලි අංශයට ලද පැමිණිල්ලක් අනුවයි සහකාර පොලිස් අධිකාරිවරයාට අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවේ