― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුඩු සළිඳුට ඇප ලැබෙයි

කුඩු සළිඳුට ඇප ලැබෙයි

පානදුර සළිඳු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් නියෝග කර තිබේ.

එකී ශරීර ඇප වලට අමතරව විදේශ ගමන් තහනමක් නිකුත් කල අතර , කටුනායක සහ මත්තල ගුවන් තොටුපල අධිකාරී වරුන්ට සහ ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කිරීම සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටීම,නඩුවේ වින්දිත පාර්ෂවයට හෝ සාක්කිකරුවන්ට බලපෑමක් නොකිරීම ඇතුළු දැඩි කොන්දේසි ගණනාවක් සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි ද නිකුත් කර ඇත.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ  ඇප  මත නිදහස් කරන තිබෙයි.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක්  සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා තිබුණි.

නීතිඥ ජාලිය සමරසිංහ , ජයබදු  කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච් කේ කේ හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

මෙම නඩුව 2025 පෙබරවාරි 10  දින යලි කැදවීමට නියමිතව ඇත.