29.5 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...


ගාල්ල, අක්මීමන කුරුඳුවත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක ඊයේ (22) රාත්‍රීයේ හටගත් ගින්නකින් එම වෙළඳසැලට දැඩි හානි සිදු වී තිබෙනවා.

මෙම ගින්න නිවීම සඳහා ගාල්ල මහනගර සභාවේ ගිනි නිවීමි ඒකකයේ රථ දෙකක්, නාවික හමුදාවේ ජල බව්සර් රථ දෙකක් සහ අක්මීමට ප්‍රාදේශීය සභාවේ ජල බව්සර් රථයක් යොදාගෙන තිබුණා.

මෙම  ගින්න හේතුවෙන් ගාල්ල -උඩුගම මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ පැය හතරකට ආසන්න කාලයක් වසා දමා තිබුණ බවයි අක්මීමන පොලීසිය පවසන්නේ.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර ගින්නෙන් වෙළඳ සැලට සිදු වූ හානියද මෙතෙක් ගනනය කර නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.