මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඝාතනය කෙරුනේ පසුගිය 14 වෙනිදායි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය සහ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව අපරාධයට සම්බන්ධ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු හා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තුන් දෙනෙකු හෝමාගම හා මීගොඩ ප්‍රදේශවලදී ඊයේ (22) අත්අඩංගුවට ගැනුනා.
ඔවුන් අවුරුදු 22, 26 හා 38 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.