දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එහි සඳහන්.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා දිශාවලින් හමා එනු ඇති.
එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං පැයට කිලෝමීටර් 20-30ක වගේ අගයක් ගත හැකි බව ද එහි දැක්වෙනවා.
බේරුවල සිට ගාල්ල සහ මාතර, හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ අගයකින් ඉහළ යා හැකියි.
මේ අතර බේරුවල සිට ගාල්ල සහ මාතර සිට හම්බන්තොට දක්වා සහ මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන්