28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් මියයයි

අමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් මියයයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු සියවැනි වියේ පසුවූ අතර, අමෙරිකාවේ ජීවමාන වයස්ගතම ජනාධිපතියා ලෙස කාටර් පසුගියදා නම් කෙරිණි.

ජිමි කාටර් 1977 සිට 1981 දක්වා කාලය තුළ අමෙරිකාවේ ජනාධිපති ධුරය දරනු ලැබීය.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝර්ජියාවේ තම නිවසේ දී අභාවප්‍රාප්ත වූ බව ධවල මන්දිරය X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

1924 ඔක්තෝබර් 1 වනදා උපත ලැබූ ජිමි කාටර්, නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ විශිෂ්ටයකු වූය.