29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් නිහඬව සිටි යහපාලනයේ ඇමැතිවරුන් දැන් තොත්ත බබ්බු වගේ...

පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් නිහඬව සිටි යහපාලනයේ ඇමැතිවරුන් දැන් තොත්ත බබ්බු වගේ කතා කරනවා

ඇමැති රෝහිත අබේගුණවර්ධන

පාස්කු ප්‍රහාරය වෙන බව දැනගෙනත් නිශ්ශබ්දව හිටපු පහුගිය ආණ්ඩුවේ ඇමැතිවරු දැන් කතා කරන්නේ තොත්ත බබ්බු වගේ යැයි වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

කරම්පෑනේ පැවැති උත්සවයකට ඉකුත්දා (20) සහභාගි වෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

පාඨලී චම්පික කතා කරන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු නැති ඇමැතිවරයෙක් වගෙයි. එතුමා ඒ ආණ්ඩුවේ හිටපු වගකිවයුතු ඇමැතිවරයෙක්. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ එතුමා ඇමැති මණ්ඩලයේ වාඩි වී ඉන්න විටයි. ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තියෙන විටත් ඒ ආණ්ඩුවේ පූස් පැටියා වගේ හිටියා. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේත් හිටියා. පාස්කු දා ප්‍රහාරයෙන් අහිමි වුණු ජීවිතවලට වග කියන්න ඕනේ යහපාලන ආණ්ඩුවයි.

පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත්, ප්‍රහාරය සිද්ධ වෙන්න හැර දැන් තොත්ත බබ්බු වගේ කතා කරනවා. චම්පික උත්සාහ කරන්නේ පාස්කු ප්‍රහාරය හරි අල්ලාගෙන ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්නයි.

එතුමාට බලය ගන්න අවශ්‍ය ආගම, ජාතිය එහෙම නැත්නම් කුලයක් හරි පාවිච්චි කරනවා. මේ අය ගැන රටේ මිනිස්සු හොඳට දන්නවා. මේ වෙනකොට පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පවරලා තියෙනවා, සැකකරුවෝ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරියට තවත් පරීක්ෂණ කෙරෙනවා. අන්තිමට අත්ඩංගුවට ගන්නවනං ගන්න තියෙන්නේ හිටපු කැබිනට් මණ්ඩලයයි.