26.2 C
Colombo
Saturday, March 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවන අලියෙකු තවත් මිනිස් ජිවිතයක් බිලි ගනී

වන අලියෙකු තවත් මිනිස් ජිවිතයක් බිලි ගනී

වන අලියෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව බකමුණ පොලිසිය වාර්තා කරයි. සිද්ධිය වාර්තා වී ඇත්තේ බකමුණ පොලිස් වසමේ ඇළහැර ප්‍රදේශයෙනි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 68ක් වූ ඔරු බැඳි සියඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විමර්ශනවලට අනුව, ඔහුගේ ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරීමට යාමේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය බකමුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, බකමුණ පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.