ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරයේදී උතුරේ ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳව සොයා බැලීමට නියමිත අතර, ජනාධිපතිවරයා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වනු ඇත.
තවද, ජනාධිපතිවරයා විවිධ ජනහමු කිහිපයකට ද සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.