28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සෙලවෙයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සෙලවෙයි

රිච්ටර් මාපකයේ 5.9ක භු කම්පනයක්

ගිනිකොන දිග ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර ඊයේ (22දා) එරට වෙලාවෙන් පෙව 9.15ට රිච්ටර් මාපක 5.9ක භූමි කම්පාවක් සිදු වී තිබේ. මේ අනපේක්ෂිත භූ කම්පනය හේතුවෙන් ගොඩනැඟිලි රැසකට හානි සිදු වී තිබේ. මෙල්බර්න් නුවරට කිලෝමීටර් 180ක දුරින් පිහිටි මෑන්ස්ෆීල්ඩ් හි සිදුවූ භූ කම්පනයේ ප්‍රබලත්වය වික්ටෝරියා ප්‍රාන්තයට යාබද දකුණු ඕස්ට්‍රේලියාවට සහ නිව් සවුත් වේල්සයට ද දැනී තිබේ.

ගොඩනැගිලිවලට සිදුවූ හානි හැරුණු විට භූ කම්පනය හේතුවෙන් කිසිදු පුද්ගලයකු තුවාල නොලැබීම සතුටට කරුණක් බව අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.

වසර ගණනාවක් ඇතුළත ඕස්ට්‍රේලියාවේ ඇති වූ විශාලත ම භූමි කම්පාව මෙය වන අතර, එය වික්ටෝරියා ප්‍රාන්තයේ මෙතෙක් සිදුවූ ප්‍රබලතම භූ කම්පනය බව පැවැසේ. පළමු භූ කම්පනයෙන් තත්පර කිහිපයකින් පසු තවත් භූ කම්පන 6ක් සිදුවී ඇති අතර, ඒවා ඉතා සුළු තත්ත්වයේ භූ කම්පන බවත්, මිනිත්තු 18කට පසු රිච්ටර් මාපකයේ 4.0ක භූ කම්පනයක් ද සිදු වී තිබේ.

භූ කම්පනය සිදුවූ අවස්ථාවේදීම ප්‍රාන්තයේ විදුලි බලය ඇණ හිටී ඇති අතර, නිවාස 35,000කට පමණ ඊයේ උදෑසන මුළුමනින්ම විදුලිය විසන්ධි වූ බව ප්‍රාන්ත බලධාරිහු පවසති.

මීට පෙර අවසන් වරට වික්ටෝරියා ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුවී ඇත්තේ 1966 වසරේදීය. එවර සිදු වූ භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 5.7ක් ලෙස සටහන් වී තිබිණි.