25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවායු තත්ත්ව දර්ශක අගයේ ඉහළ යෑමක්

වායු තත්ත්ව දර්ශක අගයේ ඉහළ යෑමක්

යළිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු තත්ත්ව දර්ශක අගය නුසුදුසු මට්ටමින් වෙනස් වී තිබෙනවා.

කොළඹ, ගම්පහ, මහනුවර යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 155 – 156 ත් අතර අගයක තිබීම අහිතකර තත්ත්වයක් බව‍යි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ.

යාපනය, පුත්තලම,අනුරාධපුර මාතර, ගාල්ල යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 100- 150ත් අතර අගයක් ගන්නා බව ද වාර්තා වනවා.

මෙම තත්ත්වය ශ්වසන ආබාධ ඇති අයට අහිතකර තත්ත්වයක් බවයි අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මීට හේතුව වී ඇත්තේ වායු දූෂණය ඉහළ යාම බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා