මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලෙස රුපියල් කෝටි 18.5ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
පොලොන්නරුව, මුලතිව්, වවුනියාව දිස්ත්‍රික්කවල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොටසක ගොවීන් 9,511 දෙනෙකුගේ අක්කර 13,392ක වගාබිම් සඳහා මෙම වන්දි මුදල් ලබා දී තිබේ.
අම්පාර, අනුරාධපුරය, මන්නාරම දිස්ත්‍රික්කවල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතිරි ගොවීන්ට ද මේ මස අවසන් වීමට පෙර වන්දි මුදල් ගෙවීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2024 නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් මහකන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට ජනවාරි 30 වැනිදා සිට මෙම වන්දි ගෙවීම් ආරම්භ කර ඇත. මෙම මස 28 වැනිදා වන විටත් වන්දි නොලැබුණු ගොවීන්ට ‘1918’ දුරකථන අංකය ඔස්සේ ඒ බව දැනුම් දිය හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දන්වා සිටියි.
වන්දි මුදල් ගෙවීමේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා සියලු ගෙවීම් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට පියවර ගෙන තිබේ.