25 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් දැලේ

කෝටි දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් දැලේ

රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා කේරළ ගංජා කිලෝ 100යි ග්‍රෑම් 270ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ගුරුනගර් කලපුවේ පිහිටි මන්ඩිත්තලේ දූපතේ සිදුකළ වැටලීමකදී මෙම ගංජා තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත. සැකකරුවන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ පදිංචි වයස අවුරුදු 24ක් හා 27ක් වන ධීවරයන් දෙදෙනෙකු බව හඳුනාගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් යාපනය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.