එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම පක්ෂයේ නිර්මාතෘ මහා මාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 20 වැනිදා සිට ඇරඹේ.
නව සාමාජිකයන් බඳවා ගැනීම ඔක්තෝබර් 1 දා සිට ඇරැඹීමට කලින් තීරණය කර තිබුණ ද පක්ෂ නිර්මාතෘවරයාගේ ජන්ම දිනයේදී එම කටයුත්ත අරඹන ලෙස පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරයට සමගාමීව ඔන්ලයින් සමුළු මාලාව අරඹනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය යෙදුණු සැප්තැම්බර් 17 දාය.
ශිරෝමි අබයසිංහ