28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගිනි අවිය සමග අතුරුදන්වූ ‘පොලිස් කොස්තාපල්ගේ’ මාපියන්ට සිදුවූ දේ

ගිනි අවිය සමග අතුරුදන්වූ ‘පොලිස් කොස්තාපල්ගේ’ මාපියන්ට සිදුවූ දේ

පසුගිය සෙනසුරාදා දිනයේ සිය රාජකාරී ගිනිඅවිය ද සමග ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන් වීමේ සිදුවීමට අදාළව ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ(10) රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර එම සැකකාර කොස්තාපල්වරයාට ආධාර සහ අනුබල දුන් බවට තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන්ය.