28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොටහේනේ සිදුවිම ගැන තවත් කරුණු එළියට

කොටහේනේ සිදුවිම ගැන තවත් කරුණු එළියට

කොටහේන, බෙනඩික් මාවත ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමේ සිදුවීම පිළිබඳව පොලීසිය සැක පළ කරන ආකාරයට, මෙය කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් බව පෙනේ. මෙම සිදුවීමේදී, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කරමින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව වාර්තා වේ.

වෙඩි වැදුණු පුද්ගලයා බෙනඩික් මාවතේ පිහිටි වෙළඳසැලකට ගොස් යලි පිටතට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන් වේ. සිද්ධියෙන් තුවාල ලැබූ 43 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය පුද්ගලයා කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචි කැනිස්ටන් නේටෝ නමින් හඳුන්වනු ලැබූ පුද්ගලයෙකි.

වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පළායන අයුරු සීසීටීවී කැමරාවක ද සටහන්ව තිබූ බව පොලීසිය වාර්තා කර ඇත. මීට අමතරව, මෙම වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි ශිරාන් ක්ලෝරියන් යන අයගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් පූකුඩුකන්නාගේ සමීපතමයෙකු බවට ද වාර්තා වේ.