28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසල් ආරම්භ කිරීමට පෙර ගුරු හා විදුහල්පති ගැටලුවට සාධනීය විසඳුමක් දිය යුතුයි

පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු හා විදුහල්පති ගැටලුවට සාධනීය විසඳුමක් දිය යුතුයි

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්

පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු හා විදුහල්පති ගැටලුවට සාධනීය විසඳුමක් දිය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී පැවසීය.

වැටුප් ගැටලුව විසඳීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටු වාර්තාව ඉදිරිපත් කර දින ගණනාවට පසු අධ්‍යාපන ලේකම්වරයා, ගුරු විදුහල්පති සංගම් මුණ ගැසුණු අවස්ථාවේ මුදල් ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් දීමට මැදිහත් වන බව පැවසුවත් මේ දක්වා එය සිදු වී නැතැයිද ස්ටාලින් මහතා පැවසීය.

ගැටලුව විසඳීම වෙනුවෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සංගම් පියවරක් පසුපසට ගෙන තිබියදීත් ආණ්ඩුව ගැටලුව විසඳීම සඳහා නම්‍යශීලී වී නැතැයි ද ඒ මහතා කීය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

“ආණ්ඩුව තම අරගලය දීර්ඝ කිරීමට කටයුතු නොකළේ නම් ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය නිසි පරිදි ලැබෙනවා. තම ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය දිගටම ක්‍රියාත්මක වේවි. වර්ජනය නොකරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට තර්ජනය කළ බවට කර තිබූ පැමිණිල්ලක් විභාග කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැනි තර්ජනයක් සිදුව නොතිබූ බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගෙන්වූ ගුරු හා විදුහල්පතිවරුන් මුදා හැරීමට පියවර ගත්තා.”

සිතාරා සේනානි