28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද කාලගුණය

අද කාලගුණය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින අතර, අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

මේ අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.